Skip to content

Lyrics

සිංහල
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ මසිත මට කියූ රහසක් කියමි ප්‍රිය කතේ සාගරේ රැලි වගේ ආදරේ පිරී වැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ ඊයේ ඔබ හමු වුණා අවන්හල තුළේ හෙට ඔබ මට මුණ ගැසේ උයන් සෙවණ සේ හමුවීමත් ආදරය නොවේ ආදරයත් හමුවීම නොවේ වැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී දවසක් මම වැලපුණා අන් ළඳක් නිසා නැවතත් මම හිනැහුණා ඔබ ගැනත් සිතා සැනසීමත් සීමිතයි සිතේ සීමිත දේ සැනසුමයි සිතේ වැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.