Skip to content

Lyrics

සිංහල
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලෙන් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරිඳූ නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරිඳූ නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කලු හිනාවෙයන් වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කලු හිනාවෙයන්

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.