Skip to content

Lyrics

සිංහල
තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අළුත් මලින් පිරි වනෝද්‍යානේ සැඳෑ ‍බොල් හුළ‍ඟේ මට තනියක් දැනුණා වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියැවෙන දා පළමු අරුණු රන් රේඛාවක් සේ ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා පිපි මලින් මලේ රොන් සුනු විසිරී හද දිදී සුසුම් රඟනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.