Skip to content

Lyrics

සිංහල
සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ රජ කළා පුංචි පුතේ මා සුරතල් පුතේ සුරලෝ ඉඳන් ආවාද මෙහේ මා බාලයේ මගේ ආදරේ යලි හිමි වුනා වගේ දෑතේ පැතු හීනයේ හැඩ මා ගාවමයි අද සෙනෙහස ගෙනේ මගේ පුතා සැමදා ලද ආදරේ රුව මා වාගේමයි නුඹ දිනුවා වගෙයි ජීවිතේ මා සදා මතු දිනකදි හිරු මෙන් දිලී ජය ගන්නකෝ මගේ පුතා දිවි මාවතේ එන සංවේදනා ලඟ සැනසුම ගෙනේ මගෙ පුතා සැමදා රන් මිණි නොවේ මට නුඹවයි අගේ අද සතුටක් දැනේ මා පැතුම් ඉටුවෙලා මතු දිනකදි හිරු මෙන් දිලී ජය ගන්නකෝ මගේ පුතා

More by Roshan Fernando

View all songs by Roshan Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.