Skip to content

Lyrics

සිංහල
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා ඉදින්නම් සැමදා ලඟින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා සුපෙම් සුවඳක් ..../ ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පිරී සිත සැනසුනා හදෙහි සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා හිතේ නැවතුනු නිසා මමත් ඔබගේ සදා .. සුපෙම් සුවඳක් ..../

More by Roshan Fernando

View all songs by Roshan Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.