Skip to content

Lyrics

සිංහල
එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ / / උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ දෙමට කැලෙන් දර අහුලානෙන එනවා දෙවට ලිඳෙන් කලයට දිය ගෙන එනවා ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා පාළු කුඹුර උඹ හින්දම වපුරනවා මගෙ පාළු කුඹුර උඹ හින්දම වපුරනවා කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා පැදුරු වියා ලස්සණ රටා මවනවා අඳුර මකා හවසට හඳ පායනවා සොඳුර නිසා ගමටම කිරි උතුරනවා ප්‍රිය සොඳුර නිසා ගමටම කිරි උතුරනවා

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.