Skip to content

Lyrics

සිංහල
තුරුලිය නිසලයි, වැව් දිය සසලයි තනිකම ඉවුරු බිඳියි මම අතරමංව හිඳිමි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම ළඟම හිඳිමි සසර පුරා සුවඳ සරා ඔබම සමග රැඳෙමි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම ළඟම හිඳිමි ඔබේ සුසුම් සුවඳින් පෑරී වෙල් ඉපනැල්ලේ පවන් හමයි ගංදොර සුහුඹුල් මතකය වැළපී සිත මා තෙමා වැටෙයි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම ළඟම හිඳිමි ඔබේ සුරත් පහසින් ගිලිහී ලියගොමු ලන්දේ සොවින් සැළෙයි තණපත් මුඩුබිම් කඳුළින් බරවී ඔබ පෑ පහස පතයි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම ළඟම හිඳිමි

More by Iman Perera

View all songs by Iman Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.