Skip to content

Lyrics

සිංහල
ලස්සන නිළියේ නුඹ රඟනව දැන් කරලියේ නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ මට අදහගන්න බැරි ජීවිත පෙරළියේ ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ ලස්සන නිළියේ නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ මේ කතන්දරේ අවිහිංසක ගෙවිලියේ එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ ලෙළදෙන දේහේ රහස් ඔසුව හෙරලියේ ඒ වගක් මොටද නේද කෝල දැරිවියේ ලස්සන නිළියේ නුඹ හින්දම මං ඉන්නවා මේ ගැලරියේ හොඳ බයිස්කෝප් ලැබුනෝතින් හදිසියේ නුඹ වෙනස් වෙලා යාවිද පැණි මුරුසියේ ඉඩ තියන්නෙපා ලගින්න මට පොලිසියේ නුඹ නැති නම් මට මරණෙ සැපයි කුරුසියේ ලස්සන නිළියේ නුඹ හින්දම මං මැරෙනවා මේ ගැලරියේ

More by Iman Perera

View all songs by Iman Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.