Skip to content

Lyrics

සිංහල
C.T.Fernando - Pinsidu Wanne - UL-DJ පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා කුඩා කුඩා කැබලිවලින් මෙහි ගෙනවිල්ලා ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තනාලා උදේ පටන් දවස පුරා කෝටු තනාලා කොළේ කොළේ දමා කුඩා නිවෙස තනන්නේ මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ අනේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා නමා යදිමි දෙන්න පුතේ මිහිපිට ඉන්ටා

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.