Skip to content

Lyrics

සිංහල
කළුවන් කළු රුවයි අප ගම මදින්නා මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා එනඑන කැකුළු මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා මගෙ සුදු මාමේ නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ ගහෙන් ගහට අතුර දිගේ නගින්නා ළපටි කැකුළු මල් බල බල තලන්නා මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා අනේ වාසනාවන් මේ මදින්නා ළපටි රා තරුණ අපටයි බෙදන්නේ පැහුණු රා මහලු අයටයි ඔබින්නේ විනාකිරට ඉතුරු කොටස තබන්නේ අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ කිතුල් මල් කපා තෙලිදිය බාන්නා රුහුණෙ මීකිරට පැණි නිපදවන්නා රසැති කිතුල් පොල් හකුරු ද සදන්නා ගමට කප්රුකක් මේ රා මදින්නා කළුවන් කළු රුවයි අප ගම මදින්නා මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා එනඑන කැකුළු මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.