Skip to content

Lyrics

සිංහල
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා පහළට බැස යති දිය රැල්ලේ නාමල් පිපිලා නැළවෙති සුළඟේ සුවඳ හමා දසතේ සෝබන මේ නදියේ සෝබන මේ නදියේ සඳරැස් වැතිරෙන්නේ ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ දැන් දැන් මා හද නළවන්නේ මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ දසතම පැතිරෙන්නේ කවුරුද ඇල්හේනේ කවුරුද ඇල්හේනේ ගී හඬ පතුරන්නේ

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.