Skip to content

Lyrics

සිංහල
රතට රතේ මල් පීදෙන එරබදු වැටියේ ගීත ගයන කෝකිලයන් අතු ඉති අතරේ බක් මාසේ රස කැඳවන පණිවුඩ එනවා දෑස් පුරා සවන් පුරා සතුට බෙදනවා ඉපනැල්ලේ නැවුම් සුවඳ දසත හමද්දී කැවුම් කොකිස් කඩවැස්මේ යට තෙරපෙද්දී පංච ලෑලි දාදු කැටද කල එළි එද්දී අලුත් බතට අලුත් සහල් ගෙතුළට එනවා ඔන්චිල්ලා කොස් අතුවල සවිය බල බලා ඉහල පහළ පැද්දෙනවා පවන රැලි නගා සිනා පපා දරුවන් වාරම් ගයනා හඬ පැතිරී ගම්මානේ සිරිය මැවෙනවා අලුත් ඉරක් අලුත් සඳක් පායලා වගේ අලුත් ලොවක් අලුත් දැයක් බිහිවුණා වගේ හැම අතකම අලුත් දේම දෑස ගැටී ගැටී අලුත් වසර හැම මුවකම සිනා ඉපදවී රතට රතේ...

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.