Skip to content

Lyrics

සිංහල
කුරුළු ලොවේ කුරුළු හඬට මා පිබිදෙනවා අඳුර වැටී දැන් ටික ටික එළිය වැටෙනවා බයිසිකලේ සීනුව ළඟ ළඟම ඇසෙනවා පාන්දරින් පාන් මාම පාන් ගේනවා පාන්දරින් අපෙ ගේ දොරකොඩට ඇවිල්ලා සීනුව ඔහු දෙතුන් වරක් නාදය කරලා පාන් ගෙනත් ඇති බව ඇත සැමට දන්වලා අහල පහල සැමදෙන එයි හනිකට දුවලා රෝස් පාන් සීිනි බනිස් කන්නට හිතිලා පුංචි නංගි මල්ලි මාම වටේ රොක්වෙලා සතේ දෙකේ කාසි වලින් ගණන් බේරලා පාන් බනිස් ගෙදර ගෙනෙයි දෑත පුරවලා ඊයෙ ගත්තු රෝස් පාන් පෙති වල සල්ලි තරහ නැතුව අදවත් මට දෙන්නකො මල්ලි මෙන්න මාමෙ ගන්නකො මං ගෙනාව සල්ලි ඉනේ ඔතන් මාමා යනවා සතුටින් ඉපළි වැස්ස පින්න නොබලා උදෙන් අප වෙත එනවා බයිසිකලේ මහන්සියෙන් පැදගෙන යනවා කොයි කාටත් සිනහ රැළක් පිළගන්නනවා පාන් මාම කවදත් කොයි සිත් වැජඹෙනවා

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.