Skip to content

Lyrics

සිංහල
වේවා සුභ නව වසරක් ආවා අවුරුදු කුමරා හැම ගම්මානේ කිරි ඉතිරෙන මේ නැකත සුභයි පැතුම එයයි..... රතට රතේ මල් පිපෙනා නිලට නිලේ නිල දිලෙනා අටු කොටු සහලින් පිරිලා පිරිලා නව වසරක් හිනැහෙන්නා බත බුලතින් කිරි පැණියෙන් සව් සිරියෙන් මගේ රට සැනසෙන් හැම දෙව් සරණින් ජන හද සුරකිව් වසන්ත කාලය ආවා නැකත සුභයි පැතුම එයයි..... වේවා සුභ නව වසරක්...... බිය සැක හැම හැර දෑසේ අපි එක්වෙමු එක පවුලක් සේ සාමය සමගිය හා සහයෝගේ රකිමු ඇස් දෙක වාගේ බත බුලතින් කිරි පැණියෙන් සව් සිරියෙන් මගේ රට සැනසෙන් හැම දෙව් සරණින් ජන හද සුරකිව් වසන්ත කාලය ආවා නැකත සුභයි පැතුම එයයි..... වේවා සුභ නව වසරක්......

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.