Skip to content

Lyrics

සිංහල
ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ # # පෙතං කැලේ වළිකුකුළෝ මට පෙනි පෙනී නටනවා අත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවා බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා # # පට සළු පිළි කසී රටේ වෙල පෙති දිගේ වඩිනවා මාල වළලු අපට ගෙනා තරු අතර දිළෙනවා ගමේකමට බහ දීලා ගමේ කතා හැදෙනවා උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.