Skip to content

Lyrics

සිංහල
සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ... සුසිත් දනන්හට සාමය ලැබී දිනේවා ලොව සව්සතහට සාමය ලැබී දිනේවා මෙසේ දේවදූතයෝ සිරි ගීත ගැයූවා බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා... ගොපළුන් සුසිරය ගෙන තාලයට පිඹිනවා බැටළුන් කරපින්නාගෙන ඒ දෙස එනවා සුර දුතු කැළ කියූ බිළිඳු කොහෙද අසනවා බිළිඳුන් දුටු සැණින් වැටී වැඳ අයදිනවා... දරු නැලවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ බිළිඳා මව් උකුලට වී සැපට නිදන්නේ පිය අතට බර වී පිටු පසින් සිටින්නේ මෙතනය ලොව රජවන දෙව් බිලිඳු උපන්නේ...

More by Christmas Carols

View all songs by Christmas Carols →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.