Skip to content

Lyrics

සිංහල
සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළ ළමැදේ ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින් පෙර මං කී නිරිඳේ මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන් මා හද සුවඳින් පිරූ හැටි ගිනියම් සැඩහිරු දෝතින් මුවා කරන් සුවබර සෙවනැලි හැදූ හැටි සීතල සිතුවිලි .... නොසිතු මොහොතක නොමියෙන විලාසයෙන් ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි වැළපෙන පැළකට මල් කැන් දෝත දරන් හෙට ගැන උරුමය ගෙනා හැටි සීතල සිතුවිලි ....

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.