Skip to content

Lyrics

සිංහල
මංගල නැකතින් යන්නට සුබ වෙලාව ළං විය දියණී අපේ සෙවණ හැර අපට නොරිදවා ඔබ අපගෙන් සමු ගන්නේ සුබ ගමනක් වේවා සුදු දුව සුබ ගමනක් වේවා මමත් ඔබ වගේ මංගල නැකතින් යන්න මව්පිය නොරිදා ආ වග සිහියට ගන්න දෙවියෙකු වැනි විය ඔහු මට හැම සැප දුන්න මටත් වගේ එය ඔබටත් හිමි වන්න සුබ ගමනක් වේවා සුදු දුව සුබ ගමනක් වේවා මගේ සුසුම ලෙස ඔබේ සුසුම මට හැඟුණේ මගේ සුවඳ ලෙස ඔබෙ සුවඳයි මට දැනුණේ ඔබෙ රුවමයි මේ නිවසේ හැමතැන පෙනුණේ නොනිමෙයි සුදු දුව මේ සෙනෙහස සසරේ.. සුබ ගමනක් වේවා සුදු දුව සුබ ගමනක් වේවා

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.