Skip to content

Lyrics

සිංහල
පෙම්බර කුල කුමරුනි කුල කුමරියනී යුග දිවි අරණට පිවිසෙන යුවති පතී සිරි සෙත සෑදේවා හදවත් පෑහේවා සෙනෙහස ලියලන යුග දිවි අරණේ සිරිකත වොරැඳේවා... කිරි සාගරයක පුර සඳ රැස්මෙන් සඳුන් තුරක රැඳි සමන් වැලක මෙන් අහසට සඳ මෙන් පියුමට බිඟු මෙන් හදවත් පෑහේවා සිරි සෙත සෑදේවා... පති පතිනිය වී ඔබ නව යුවළට පින්වත් දූදරුවන් ලැබ නිදුකින් සැප සම්පත් මැද නිරෝගි සුව ලැබ දිගු කල් වැජඹේවා සිරිකත වොරැඳේවා...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.