Skip to content

Lyrics

සිංහල
සසල වුනත් සිත නිසල කෙරේවී ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන් කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේ එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන් ආ මඟ තනිවිය තනිකම දුරුවිය ඔබේ දෑත් සුසිනිඳු පහසින් ඝනදුරු අහසට පුරා හඳක් විය ඔබෙ සෙනෙහෙ පිවිතුරු හැගුමන් සසල වුනත් සිත ..... මල් පෙත්තක මුදු සිනිඳු පහස දී විස කටුවක විස පුරනු එපා ගංඟාවක පිරි සිසිල් සුවය දී ඒ සුව උදුරා ගන්න එපා සසල වුනත් සිත ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.