Skip to content

Lyrics

සිංහල
ඕලු පිපීලා වෙල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ එන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලා ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ මෙන්න මලක් මා නෙළුවා ඔන්න ඔබේ ඒ මාලා ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ කලබල ඇයි නංගෝ ඕලු මලේ සුද නාලා ඔබ රුව වැඩිවෙයි මාලා ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

More by Sunil Santha

View all songs by Sunil Santha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.