Skip to content

Lyrics

සිංහල
මෙවන් පිටිසරේ මේ දුගී පැලේ වෙසෙන මිහිරි සොඳුර ඔබයි කැලෑ මල මගේ ... ඔබෙන් මිදී මටත් සැපක් කොයිද කුමාරි කැලෑ මලේ නුඹයි මගේ පරෙයි කිරිල්ලි මගේ පෙම් ලොවේ පහන ඔබමැ වෙයි ලඳේ සදා ලැඟුම් ගනිමි ඉතින් ඔබේ තුරුල්ලේ..... සිහින් ඉඟට රෝස පාට සාරියක් වෙළා ඊට කැපෙන සේද හැට්ටයක්ද අන්දවා සුවඳ තෙල් දමා සමන් කැකුළු වළලු ලා බෙදා වරල බැන්ද කලට හහ් හ හහ් හා...... සිහින් වළලු දෙකක් කොමල අත් දෙකේ හුවා දෙපා පියුම් සදා ඉතින් සළඹ පළඳවා නලල මැදට දී කුකුම් තිලකයක් වගේ සදා ගතොත් සරස්වතිය වගේ පෙනේවි..... මෙවන් පිටිසරේ මේ දුගී පැලේ…..

More by Sunil Santha

View all songs by Sunil Santha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.