Skip to content

Lyrics

සිංහල
මිහිකත නලවාලා මග මල් ගන්වාලා පාසල වෙතැ යන මේ පිටිසර හෙළ ගුරුලිය සැරදේ සුදු හෙළ සාරිය ඇඳැලා හැඩ කොටැ ඉඟවට රැළි ලෙළවා දිගු නිල් වරළස පීරා නිසි ලෙසැ මල් ගවසා බැඳැලා ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා මිහිකත නලවාලා... ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී අහෝ විලේ සිරියා ජයම මලක් ඉන් නෙළාගනී ඕ හා හා කුමටද ඒ බාල ලියෝ ඔබගේ සුහදා හට වෙද ඒ සුරතලියේ ඔබ හදවත පතුලේ පෙම් මල කා සතු දෝ මිහිකත නලවාලා...

More by Sunil Santha

View all songs by Sunil Santha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.