Skip to content

Lyrics

සිංහල
පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න මං පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.