Skip to content

Lyrics

සිංහල
සොවින් පිරී මගේ හදවත තුලින් මතුවෙවී පිටවන හැඟුම් කැටි ගැසී ගෙන එන හිතට වේදනා සුවෙන් මා එදා සැතපුන යහන් මත මහත් විස කටු පිපෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී දෙනෙත අඳ නොවී තිබුනත් එයින් නැත සුවේ කනත් බිහිරි වී නැතිමුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී දෙඅත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැත ලැබී මිහිර යන වදන පමනක් අසා ඇති නමුත් ඒ තුල ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ දැනී මෙතෙක් නැහැ දැනී මෙතෙක් නැහැ දැනී

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.