Skip to content

Lyrics

සිංහල
පුංචි කුරුළු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ එපා මුරුගු විසිකරන්න නිකං ඉඳින් යාළුවේ ගසේ හොදම තැනක් බලා උන් කූඩුව හැදුවේ දරු පැටවුන් රැකගන්නයි මේ ලෙස දුක් වින්දේ කිචි බිචි ගා පුංචි පැටව් ගීයක් රස කෙරුවේ මොකෝ යාළු අනේ උන්ට ගල් කැට විසි කෙරුවේ පුංචි කුරුළු කූඩුවේ .... නුඹේ ගලක් වැදුනු සැණින් කූඩුව යයි කැඩිලා පුංචි පැටව් බිම වැටුනොත් අත්තටු යයි බිඳිලා මැරී ගියොත් පැටවුන් ටික කුරුළු මවුන් දැකලා ඇගේ පපුව පැලී හැලෙයි ලේ ගංගා ගලලා පුංචි කුරුළු කූඩුවේ ....

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.