Skip to content

Lyrics

සිංහල
සඳපාන වාගේ දිළෙන්නේ ඔබමයි හදේහි රැඳෙන්නේ නිල් විල් ජලාසේ හංසිය විලාසේ මා හද විලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිළෙන්නේ ඔබමයි හදේහි රැඳෙන්නේ මල් මාවතේ සරි සරාලා නැළවුණු ලඳේ තුරුළු වීලා සමනල්ලු කෝ අද ගිහිල්ලා මල් ගොමුවේ නෑ මල් පිපීලා ඔබ නොඑන මේ බිම් තලාවේ පාළුව හඬයි රෑ දවාලේ කවදාක හෝ යලි සිනාසෙයි ආයේ ආවා කියා පෙම්බර වී හද වේදනාවන් නිවේවි සඳපාන වාගේ... නිල්වන් ගැබේහි පියඹා එන්නම් ප්‍රියේ ඔබ සොයාලා සිඳලන්න මේ කඳුළු ගංගා හද වේදනා මදිද වින්දා යළි මාවතේ මල් පිපීලා සමනල්ලු රෑනේ පිරීලා ඔබ මා ලඟින් ඉන්නවා නම් ආයේ ම මී වසන්තේ උදා වී හද වේදනාවන් නිවේවි සඳපාන වාගේ...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.