Skip to content

Lyrics

සිංහල
හිත නැවතුන තැන ඔබ නවතිනවාද ඔබ නැවතුන තැන හිත නවතිනවාද ඔබයි ඔබේ හිතයි එක විට එක තැන නැවතුන දා බලන්න වට පිට මම ඔබ ළඟද කියා හිත නැවතුන තැන දුර ඈත නොපෙනෙන රෑක ළඟ පාත ඉන්නෙමී දුටුවාද බැලුවාද දෙනෙතින් සෙනේ කියමී හිත තාම දුර නේද හැමදාම අසමී හිත පාළු වුන දාට ඔබ ගාව ඉන්නෙමී හිත නැවතුන තැන ඔබ නවතිනවාද මුළු රෑම සඳු ගාව තරු රෑන තනි රකී හැමදාම ඔබ ගාව තනි නෑනෙ මම ඉමී නුඹ නාව නෙතු ගාව කඳුලැල් සැලි සැලී ඉඟි පෑව ඔය දෑස මතකේ රැඳි රැඳී හිත නැවතුන තැන ඔබ නවතිනවාද ඔබ නැවතුන තැන හිත නවතිනවාද ඔබයි ඔබේ හිතයි එක විට එක තැන නැවතුන දා බලන්න වට පිට මම ඔබ ළඟද කියා හිත නැවතුන තැන

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.