Skip to content

Lyrics

සිංහල
රජෙකුට වගේ බයයි අපි මුහුණ බලන්න පොඩි කාලේ තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවේ නෑ කිසි කාලේ ඔබේ චායාවක් ඇති තනියට ළඟ ඉන්න ලොව මායාවන් හැක ඔබගෙන් සිඳලන්න දරු සෙනෙහස ඔබ පිදු කෙලෙස අප ගයන්නේ ජීවිත පුරා ගැයුවත් නැත නිමවන්නේ ඔබ වගේ පියවරු කොහොම පහළවෙන්නේ ඒ පුදුමය විතරයි අපට ඉතිරි වන්නේ රජෙකුට වගේ සැරබර අසමින් නුඹේ පොඩිකාලේ අපි හැඬුවා කිසිවෙකු හට අප හඬවන මග ඔබ වැසුවා සුරතල් බස් නෑ නිහඬව අප දෙස බැලුවා අසරණ දා ඔබේ ආදරයේ සිරි දුටුවා දරු සෙනෙහස... රජෙකුට වගේ

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.