Skip to content

Lyrics

සිංහල
මා වෙනුවෙන්ම නූපන් කුමාරි සිත දවනා වරම් දුන් කුමාරි ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගෙ නෙත් හඬාවා මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ මට නොකියාම ඇයි මල් පිපෙන්නේ ඒ මල් නැතිලූ මට උරුම වන්නේ එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ මට වැළපෙන්න රෑ හුදෙකලාවේ සුදු කමලත් සුගන්දේ දෙවාවී මා වෙනුවෙන්ම නූපන් කුමාරි සිත දවනා වරම් දුන් කුමාරි නව පති පතිනි දිගුකල් දිනේවා මගෙ සිහිනයක හෝ ඔබ හිඳීවා ඔබෙ සුදු පාද දෝවන්න මාගේ නෙත ඇත තාම කඳුළැල් මහෝගේ අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ මේ මිනිසත් බවින් මා ලැබූ ඒ අසරණ වෙන්න වරමක් නොවේදෝ මා වෙනුවෙන්ම නූපන් කුමාරි සිත දවනා වරම් දුන් කුමාරි ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගෙ නෙත් හඬාවා

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.