Skip to content

Lyrics

සිංහල
ඔය ඇස් දිහා පෙම යාවෙලා ගෙතු කාරණා හද දිවුරුවා සිත තෝරනා ඔබෙ පෙම් සිනා ලැබෙනා තුරා මා යදිනවා හැඟුමන් පායලා සිතුමන් වෑහිලා එනමුත් නොහැඟෙදෝ ආදරේ ඉතිරෙන ආදරේ ඔය හද තුල තියා මට සිත දෙයිදෝ පැතු කුමරියේ මාගේ දෛවේ පිදු ඒ උරුමේ ඔබ වේදැයි සිත කීවේ දුටු මුල් දිනේ පැටලුම් වීලා විසඳුම් සොයලා සිත ළඟ පෑහී කියනු ඔබ කවුදෝ කියා ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා තනිකඩද සිත අසනවා ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත් මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා එය ඔබෙ නමට පුදමී සදා ඔය ඇස් දිහා.... ඇසෙනා මානේ ඔබ අද වේ නම් ඇති නම් හර්දේ ප්‍රේමේ නොපිරූ ඉඩක් මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ නොපිරූ තැන් පුරවන්නමයි ඔබ නිසා තැනු ගීතේ අවසානය කෙරේ මැවු සිහිනෙ පිබිදෙයිද මං ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත් මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි (ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා එය ඔබෙ නමට පුදමී සදා... )

More by Pradeep Rangana

View all songs by Pradeep Rangana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.