Skip to content

Lyrics

සිංහල
සිර වී තිබුණා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී ඇවිදින්නට ආසයි ඔබ අන්සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි කවදා යළි අප එක්වන්නේදැයි දැනගන්නට ආසයි ඇරඹුම කොතැනද අවසන කොතැනද නැත කිසිවෙතු දන්නේ මා එක තැනකය ඔබ තව තැනකය කෙළෙසද හමු වන්නේ ගතවන මොහොතක් පාසා හද තුළ ආදරේ ලියලන්නේ සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.