Skip to content

Lyrics

සිංහල
මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් වෙමි අයිති වුණු හැටි බලා දුක් වෙමි VERSE1 නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා කොහොම ඉන්නද ඉවසලා මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයැයි නොසිතුවෙද මට දුක් ලැබේයැයි නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනාසුණු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා කොහොම ඉන්නද ඉවසලා එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක කතා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක දුක දැනෙයි පවතින අපායක මෙහෙම ලෝකෙක ඉපදිලා සිතෙහි අදහස් සුන් වෙලා මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා දුක් කඳුළු මැද තනිවෙලා

More by Narada Disasekara

View all songs by Narada Disasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.