Skip to content

Lyrics

සිංහල
Obata Thibena Adare Mama- MS Fernando (Original) ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න IVERSE 1 ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවේ නෑ ගිය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවේ නෑ මේ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ අහස උසට මාලිගා ඇත ඉන් අඩුවක් නෑ ගයන වයන රඟන ලඳුන් නොදැක හිටියේ නෑ ගම්බද වගේ කරත්ත නෑ වාහන අඩු නෑ ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ හඳ දවසට අහස දිහා මම බලන්නේ නෑ බලන්න බැරි වේදනාව ඔබ නොදන්නේ නෑ ඒ මුහුණෙයි ඔබේ මුහුණෙයි වැඩි වෙන්සක් නෑ ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ මගේ ගතින් මෙහි හිටියට හිතනම් මෙහි නෑ මම එන්කොට ආපසු එය ඔබ මට දුන්නෑ සිරියාවිය දැකගන්නට එන දින දුර නෑ ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.