Skip to content

Lyrics

සිංහල
මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය. මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට. තරු කදුලු සලන රැයෙන් රැයට වළා වියන යට මට අත වැනුවා හැමවිට ඈ මතකයේ දොරකඩ ඒ උනාට ඈ හමුවුනේ නෑ මට කිසිවිට. මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය. වැට කඩුලු වලට බයේ සැඟව එක්ටැම් මැඳුරක හිත හදාගෙනද දන්නේ නෑ උන්නේ තනියම ඒ උනාට මම තවමත් හිතන්නේ ඇය ගැන. මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය. මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට.

More by Malith Perera

View all songs by Malith Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.