Skip to content

Lyrics

සිංහල
හේමන්ත නිද්රාවේ ගිලෙනා හැන්දෑවක නිසලතාවයේ මතු වෙන්නේ ඔබෙ දෑස පත්ලෙහි ඇවිලෙනා ප්රේමාද්යාශයයි සිහිනේ උමතු නිම්නේ මා හුදකලාවේ නොහෙලා ආදරේ දෙවඟන හැම රාත්රියකම හැම හිමිදිරියක හැම දහවලකම වෙලී ගයන්න එනු මැන සුප්රානො හඬින් රෝමාන්තික ඔපෙරාවේ ඉසියුම් නාද සංරචනයේ හැම ස්වරයකින්ම වෑහෙන්නේ ඔබෙ මගෙ ඒ නොහිම් ප්රේමයයි සඳ දිය දහරාවේ පෙඟෙන ලැම බෙයද නග්න තලාවේ මතුවෙන්නේ ඔබෙ සියුමැලි සිරුරේ උමුතු ආලිංගනයයි සිහිනේ උමතු නිම්නේ මා හුදකලාවේ නොහෙලා ආදරේ දෙවඟන සදහටම එකට එක ආදරයක එක මිහිරියාවක ගිලී රඟන්න එනු මැන විලුම් මතින් රෝමාන්තික ඔපෙරාවේ ඉසියුම් රංග වින්යාසයේ හැම රැඟුමකින්ම මැවෙන්නේ ඔබෙ මගෙ ඒ නොහිම් ප්රේමයයි

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.