Skip to content

Lyrics

සිංහල
සමනල රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ... පොපියුණු සිතුවිලි අවදි වෙවී සිත තෙ‍රපෙයි නතර නොවී ළා දළුවක් මෙන් මහද සැලේ නෙත් යුග එක් රුවක වෙලී... සමනල රෑනක් සේ... දේදුණු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ රිදී මල් සිනාපා සීගිරි ළඳක් පිබිද ළංවේ සිහිවෙන පණ නල රැඳෙන තුරු එය දවසකි පෙරුම් පිරූ ඔබෙ වත සඳවත ලෙසින් සොමි මම දින දින‍ පතන්නෙමි... කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ රිදී මල් සිනාපා සීගිරි ළඳක් පිබිද ළංවේ...

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.