Skip to content

Lyrics

සිංහල
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවුණාද අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද සැණකෙළියේ අපේ පැතුම් විසිරී පැතිරී ගියාද

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.