Skip to content

Lyrics

සිංහල
සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා නෙතඟ කතාවේ දෙවි දුවක් දකිනවා සිතින් සිනාසි සෙනෙහස පෑවා පැතුමන් බොඳ වී දෙනෙත් රතු වුණා සිහින විමානේ අද යාවී පා වෙලා සිතේ සුසුම් වැල් බොඳ වෙවී මැකීලා සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා ඇගේ ලෝකයේ රන් කිරුළද පතලා මැවූ සිහින වැල් සුන් කර දමලා ඈ හිනහෙනවා පෙර ලෙසින් බලනවා නෙතු හඬවනවා මා හද රිදවනවා සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා නෙතඟ කතාවේ මිරිඟුවක් දකිනවා ඒ සිත ළඳක් සොයනවා මිරිඟුවක් දකිනවා

More by Indrajith Dolamulla

View all songs by Indrajith Dolamulla →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.