Skip to content

Lyrics

සිංහල
වට පිට බලන් ඉන්න හැමටම වැදලා අපි අවසර පතලා නටනවා ගයලා දෙන්නම් පදේ මමත් ආලප් කරලා නුඹ නටපන් කෙල්ලේ හැඩවැඩ දාලා.... මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා ගැයුමක් මෙන්න අපේ සතුටක් ගෙනෙනා වරදක් උනොත් අපට සමාව ඕනා.... වට පිට බලන් ඉන්න..../ කවදත් ඔබට මෙහෙම ගයමින් රඟනා කොතනත් හමුවෙනවා මේ අපි දෙදෙනා දුප්පත්කම නිසාම රට වට යනවා හිතවත්කමට අපේ පණ හරි දෙනවා.... වට පිට බලන් ඉන්න..../ දිලිඳුන් දුකින් තැවෙයි පැරදුම ලබලා නිරිඳුන් සුවෙන් ඉඳි සැනසුම විඳලා වෙනසක් කිමද මෙසේ දෙපිලක් බෙදිලා කවුරුත් එක බැම්මෙන් ඉමු අපි බැඳිලා... වට පිට බලන් ඉන්න....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.