Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ශාන්තී (1974) (රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා)... පුන් සඳ එළියේ මධු සැණකෙළියේ යමු අපි පියාසලා රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා නන්දන උයනේ නන්දන සෙවනේ සීතල පිනි වරුසාවේ නෙත් මිනි පහනේ මංගල යහනේ සිසිලස මට දැනුනාවේ ඔබේ පුළුල් උර තලේ නිදන්නට අවසර දෙනු මැනවී රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා සිත් සිලිලාරේ ඉවුරු සොයාලා ආදර ගඟ ගැලුවාවේ අත් යුග පටලා දිය රැල බිඳලා ජීවන ඔරු වැදුනාවේ අතීතයේ දුක් සුසුම් මැකේවා හෙට නව හිරු එළියේ රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා අන්තිම හුස්මද ගිලිහෙන මොහොතෙද ඔබ මා ලඟින් හිඳී නම් ඉන්පසු අත් භවයේ මම ඔබ එනතුරු ඒ ලොවේ සිටින්නම් පින්වන්තියකගෙ පෙම්වත වන්නට මතු දා ද වාසනා සමන් පියල්ලේ රන් ඕවිල්ලේ ඇසි පිය ලා නැල වෙන්නම් කියන්න මිහිරේ ඔබේ පැතුම් පෙම් සවන් යොමා මම ඉන්නම් අන් සැප පල නැත මට ඔබ නැති පෙම රැජිනක් වුනත් ලොවේ රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.