Skip to content

Lyrics

සිංහල
රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් ගෙනෙන්නේ රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ ආදරයක් පොදි බැඳගෙන මොටද උපන්නේ ඈත එපිට ලන්දේ ඉඳන් මුකුළු කරනවා ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා මා තනිවම ඈ තකිවම දෙතැන තැවෙනවා ඇගේ මුවහස රැලි බලන්න යන්න හිතෙනවා නියර දිගේ නිතඹ සැලෙන රුවක් පෙනෙනවා ගොයම් කරල් ලැජ්ජාවෙන් බිමට හැරෙනවා දියට ගොසින් දිය නාගෙන මදෙස බලනවා ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා ඕවිට ළඟ කෙකටිය මල් පියර හලනවා ඇගේ පැලට සමීරයෙන් සුවඳ ගෙනෙනවා තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා අත්වැල් නැති ආදරයක් මට හිමිවෙනවා රන් ඇට පොට ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.