Skip to content

Lyrics

සිංහල
හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්) බටු මීයෙක් කටස් කටස්… හොර පූසියි බටු මීයයි තර‍ඟෙට දිවුවා පූසි වැටිලා කිරි හැළියක මීයා වැටිලා පැණි හැළියක අපට හරි හිනා... හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්) බටු මීයෙක් කටස් කටස්… පැණි බී මත්වුන මීයා පරාලේ උඩ වැනි වැනි උනි… මට දැන් අහුවුනොත් ඒකා මං එළෙව්ව හොර පූසා කීතු කීතු වලට ඉරා වීසි කරනවයි කීවා… ඒක ඇහිලා හොර පූසා කිරි හැළියෙන් ඉහ උස්සා… බැලුවා විතරයි ඌ දැකලා වහළෙන් පහළට වැටිලා තඩි වංගෙඩියක හැපිලා… මහ තඩි වංගෙඩි පතයක් කකුල ටිකක් උස්සාගෙන… බටු මීයට හැංගෙන්නට තැනක් කියනවා හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා… හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා

More by Damayanthi Jayasuriya

View all songs by Damayanthi Jayasuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.