Skip to content

Lyrics

සිංහල
පුන්සඳ හිනැහෙන්නේ, වනමල් පිබිදෙන්නේ ලස්සන ඔබේ මුහුණේ, දැක්කම නොවේ මැණිකේ කොයිබද ඔබ යන්නේ, මේ උදයම කඩි මුඩියේ මගෙ පැල්පත පැත්තේ, ඔබ සම්පත ගෙන එන්නේ වසන්තය සමයේදී ඔබ ලග ඉඳගෙන මිහිරට කවි කියමි, සමන් කැකුළු මල් පොකුරක් අරගෙන ඔබේ හිසේ ගසමි ඔබ නිදියනා තුරු පැල තුල ඉඳගෙන නැලවිලි ගී ගයමි උදය හවස, මම ඔබේ පායුග හිමියනි සැමදා වඳිමි නිල දිය බැස යන ගංගාවේ මම ඔබ හා ඔරු පදිමි සඳ ඇති කාලෙට, ඔබේ සුදු අත ගෙන ගං තෙර වෙත දුවමි පලතුරු යුෂ ගෙන මී පැණි දවටා රසකර එය පොවමි කුඹුරට යන්නට පෙර බත ඇඹුලට සදා ඔබට දෙමි.... පුන්සඳ හිනැහෙන්නේ, වනමල් පිබිදෙන්නේ නිල් දිය බැස යන්නේ, ආසිරි පුද දෙන්නේ මොණරුන් රඟ දෙන්නේ, පොඩි කුරුලන් නද දෙන්නේ අප දෙස බලමින් ඉන්නේ, උන් සැමදා සිනා සෙන්නේ... හා.... හා..........

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.