Skip to content

Lyrics

සිංහල
(සෝබනලු කොළඹ මේ ගම හැර යනවා ඒ කෙරේ).. එහි තියෙනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ රස්සාවක්....හම්බ වෙයිද මොනවාගෙ ඇත්ද කියලා බලමු කොළඹ සුරපුරේ හරි යයිද මන්දා නැකත් රාළ කියපු සාස්තරේ සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි අර ඇඳුම් බැඳුම් විකාරයකි මොකද කොට ගවුම් නෝනා මෝටර් බයිසිකලෙන් ගහන හැටි රවුම් මෙහෙ නැත්තෙ මොකද අපේ ගමේ අහිංසක පෙනුම් අයියො මේකද මේ කොළඹ කිව්වෙ සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි බඩු බාගෙ රාත්තලට කිරපි තරාදිය හොරයි තඹ පිත්තල මුදු මාල රත්තරන්ය කියලා දෙයි කන්තොරුවෙ වැඩ වෙලාවෙ රේස් පොත බලයි කොහෙ බැලුවත් හොර බුකියයි හොර සුරා පොළයි මේක කොළඹ නම් දෙයියනෙ අපේ ගම හොඳයි මේවා ගෑණු ද කොළඹ ඉන්නෙ දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි (දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි)..

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.