Skip to content

Lyrics

සිංහල
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා සඳ විමනේ විසිතුරු පවසා නෙත් එළියෙන් තොරතුරු විමසා පිය වදනේ සළුවත දවටා සැනසිල්ලේ උණුසුම ගවසා ඔබ නළවන්නම් ඔබ සනසන්නම් නොමියෙනසුළු අදරයක කතා කියන්නම් සඳ විමනේ සොමිගුණ මවලා දේදුන්නක සිසිලස ඔතලා මල් කෙමියක මදුරස සොයලා සල් අරණක පවනැලි නිවලා ඔබ නළවන්නම් ඔබ සනසන්නම් නොමියෙනසුළු අදරයක කතා කියන්නම්

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.