Skip to content

Lyrics

සිංහල
මටත් තිබුණා ප්‍රේමයක් තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක් කාලයේ දුර ගෙවා ආ මුත් හිතේ ගැඹුරේ නිදා නොනිදන මටත් තිබුණා ප්‍රේමයක් කුළුදුලේ හිත හීන හැඩ කළ මතකයේ සිවු කොනම දඟ කළ නිදි නැතිව රැය ගණන් එළි කළ මටත් තිබුණා ප්‍රේමයක් කුළුදුලේ පිපි ප්‍රේමයක් මටත් තිබුණා ප්‍රේමයක්.... නෙත් සරින් නෙතු වලට ඉඟි කළ සුසුම් සරකින් පවා රිදවුණ වෙන්ව යන බව කිසිත් නොසිතූ මටත් තිබුණා ප්‍රේමයක් අදත් නොමැරුනු ප්‍රේමයක් මටත් තිබුණා ප්‍රේමයක්....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.