Skip to content

Lyrics

සිංහල
ලියතඹරා මල ඔබද ලදේ මා වසඟයක් කැරූ විෂ බදුනක් ගෙන මධුවිතය කියා මා ගත සනසාලූ අවිහිංසක දෑසේ කඳුලැලි දැක මා ගැනවත් නොසිතා මිතුරන් කී බස් නොඅසා ඔබ ගැන සහසක් පැතුම් පතා පුද දුන් සෙනෙහස එතැනම මියැදී මා වූවා ද මුලා ලියතඹරා මල .... කෙනෙක් ඇසුරු කර තවකෙක් පතනා ඔබ යයි මඟක මුලා සුපිපුණු හද මල් මෙලෙසින් සිඳ බිඳ යන්නේ ඇයිද පෙලා මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ ඔබ වෙතට දෙමි සමා ලියතඹරා මල ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.