Skip to content

Lyrics

සිංහල
ඉරබටු තරුව වෙන්න හැකිනම් මට ඉරගල වැටෙ වේලාවේ පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ තරු මල් පිපෙන ඉසව්වේ නුඹ මහ වැවක් වෙන්න වැහි දිය බිඳක් විලස මම ඉන්නම් මියෙන තුරුම නුඹගෙ තුරුල්ලේ වැහි බිඳු දහක් අතර සොයනා නුඹේ සුවඳ රැක ගන්නම් යන්න නොදී නුඹට නිදැල්ලේ ඉරබටු තරුව වෙන්න .... නුඹ මහ ගසක් වෙන්න ලෝකෙට සෙවණ සදන මම ඉන්නම් විඩා නිවන් නුඹගෙ තොටිල්ලේ අතු පත් සලා නිබඳ වැටෙනා නුඹ දාහය පිසලන්නම් නෙතු පියාන ඉන්න සඳැල්ලේ ඉරබටු තරුව වෙන්න .....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.