Skip to content

Lyrics

සිංහල
උපන් දිනේ අදයි මගේ කොළඹ පුතාගේ පුතු බලන්න ආවේ මං බැරි බැරි ගාණේ දිවිය ලෝකෙ වගේ හැඩයි මැඳුර පුතාගේ නුඹ බලන්න තාත්තට පිනක් නෑ වගේ උපන් දිනේ අදයි මගේ කොළඹ පුතාගේ ලොකු ලොකු දේවල් අරගෙන එන උත්තමයන් ඉංගිරීසි කියාවි කොක් හඬලා හයියෙන් මං ගෙනාව බුදු පිළිමය දෙන්නට දෝතින් යන්න දෙන්නෙ නෑ ගේ මුරකරනා ඇත්තන් උපන් දිනේ අදයි ..... බත් පංගුව දැක්කම දුක් කන්දක් නැගුණා පුතාට බත් කටක් කවන්නට මට හිතුණා රුපියල් සීයක් ගෙනැවිත් කවුදෝ දුන්නා බුදු පිළිමය අරගෙන මට යන්නයි කිව්වා උපන් දිනේ අදයි .....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.